සූර්‍යයා චන්ද්‍රයා සහ ජ්‍යෝතිශ්‍යය

චන්ද්‍රයා, රාහු සහ කේතු

මාර්තු 2014 @ ශ්‍රී ලංකා
[ළමා සංගීත වීඩියෝ] 
චන්ද්‍රයා අනෙක් ග්‍රහයන් මෙන් තවත් එක් ග්‍රහයෙක් යැයි ජ්‍යෝතිශ්‍යයේ කියැවෙන්නේ නෑ. චන්ද්‍රයා පෘථිවිය වටා ගමන් කරන නිසා උපග්‍රහයෙක් ලෙස ගනන් කල යුතු බවත් සියලු ග්‍රහයන් සූර්‍යයා වටා ගමන් කරන බවත් ජ්‍යෝතිශ්‍යයේ සූර්‍ය සිද්ධාන්තයේ පැහැදිලිව ඉඟැන්වෙනවා.

නමුත් අවසන් ගනනය කල ග්‍රහස්ඵුටය පෘථිවියට සාපේක්ශව ගනන් කරන්නේ අප සිටින්නේ පෘථිවියේ නිසායි.

ජ්‍යෝතිශ්‍ය මූල සිද්ධාන්ත ඉතා ගැඹුරුයි. ඒවා සලකා බැලූ විට ජ්‍යෝතිශ්‍යය පෘථිවි කේන්ද්‍රීය ගණිත ක්‍රමයක් මත පදනම් වූවක් යැයි කියන කතාව පිලිගත නොහැකියි. ජ්‍යෝතිශ්‍ය පලාපල කථනය පෘථිවි කේන්ද්‍රික නමුත් ග්‍රහ ගණිතය සූර්‍ය කේන්ද්‍රික එකකි. මේ දෙක සම්බන්ධ කිරීමට දෛශික සමීකරන පාවිච්චි වෙනවා.

සූර්‍ය සිද්ධන්තයේ එකම අඩුපාඩුව වන්නේ ග්‍රහයන් වෘත්තාකාර මාර්ග වල ගමන් කරන බව උපකල්පනය කිරීමයි. ඒ නිසා ගනනය කිරීම් පහසුයි. කෙටි කාලීන සුළු වැරදි තිබුනත් දීර්ඝකාලීනව එය වඩා නිවැරදියි.

චන්ද්‍රයා සහ සූර්‍යයා ද ඔවුන්ගේ චායා-ව්‍යුත්පන්න ග්‍රහයන් වන රාහු සහ කේතු ඒකාකාරව එනම් වක්‍ර/නිවෘත නොවී ගමන් කරනවා. රාහු සහ කේතු පමණක් ආපස්සට ගමන් කරනවා.



චන්ද්‍රයාගේ කක්ශය පෘථිවියේ කක්ශයට ඇති ඇලය ගමන් කරන දිශාව අනුව රාහු සහ කේතු හටගන්නවා.

ඇත්තෙන්ම රාහු සහ කේතු හැම තිස්සෙම පවතින්නේ නෑ. චන්ද්‍ර මාසයේ එක් දිනක් රාහු පවතිනවා, ඉන් දවස් 14කට පසුව කේතු පවතිනවා. ග්‍රහයන් දෙදෙනාම එක විට පවතින්නේ නෑ. මාසයකටම දවස් 2ක් පමණ ඇති වන සංසිද්ධි දෙකක් විදියට රාහු සහ කේතු හඳුන්වන්න පුළුවන්.

චන්ද්‍රයාගේ පථය පෘථිවියේ පථය ඡේදනය කරමින් ඉහලට පැමිනීම මකරාගේ හිස (Caput Draconis) හෙවත් රාහු නමින් හඳුන්වනවා.

චන්ද්‍රයාගේ පථය පෘථිවියේ පථය ඡේදනය කරමින් පහලට පැමිණීම මකරාගේ වලිගය (Cauda Draconis) හෙවත් කේතු නමින් හඳුන්වනවා.
Facebook Twitter Google

Discuss on Facebook