විකා (Wicca) සහ Witchcraft

ජෝන් ඩී

මාර්තු 2014 @ ශ්‍රී ලංකා
[ළමා සංගීත වීඩියෝ] vasana.pathirana on Google+ 
16 වන සියවසේ එංගලන්තයේ ගණිතඥ/දෛවඥ/ගුප්තශාත්‍රඥ ජෝන් ඩී සඳහා එලිසබෙත් රැජින පලමු වරට බලපත්‍රයක් පිරිනැමුවා ගුප්ත ශාස්ත්‍ර කටයුතු කරගෙන යන්න. ඉතිහාසයේ මුලින් ම නිළ රාජකීය දෛවඟයෙක් පත්කරගත්තේ එලිසබෙත් රැජිනයි. මේක පිටුපස දිග කතාවක් තියෙනවා. කොහොම හරි මේ නිසා එලිසබෙත් ට බොහෝ යුද්ධ දිනන්නත් පහසු වුනා.

ජෝන් ඩී රාජකීය ජ්‍යෝතිශ්‍යයෙක් විදියට මුලින් ම වැඩ කලේ එංගලන්තයේ 1වන මේරි රැජිනටයි, ඒ 1552දීයි. ඔහුගේ මුල් ම අනාවැකිය වුනේ මේරි රැජින අවුරුදු 6කින් මිය යන බවයි. එයින් ම රාජකීය උදහසට ලක් වන ඔහු සිරගත කරනු ලබනවා.

ඔහුගේ අනාවැකිය පරිදිම මේරි රැජින 1558දී හිස ගසා ඝාතනය කරනු ලබනවා. එයින් පසුව 1 වන එලිසබෙත් රැජින එංගලන්තයේ පාලනයට එනවා.

එලිසබෙත් රැජින ජෝන්.ඩී ගේ අනාවැකිය ගැන අසා ඔහුව තමාගේ රාජකීය ජෝතිශ්ශාස්ත්‍රඥයා විදියට පත් කරගන්නවා. ඉන් පසුව මායා ශාස්ත්‍ර කිරීමට එංගලන්ත රාජකීය බලපත්‍රයක් පලමු වරට නිකුත් කරනවා.

එංගලන්ත රහස් ඔත්තු සේවය ආරම්භ වෙන්නේ එතැනින්. ඔහු ගේ රහස් කේත අංකය වන්නේ 007, මෑත කාලයක ජේම්ස් බොන්ඩ් කතා වලට තේමා වෙන්නේත් ඒකමයි.

පසු කාලයක ස්පැනිශ් ඉන්ක්විසිශන් එකේ බලපෑම එංගලන්තයටත් බලපානවා. ජෝන්. ඩී ගේ බලපත්‍රය අහෝසි වී ඔහු ව වතිකාණුවට කැඳවනවා. ඔහු ව මාස ගනනක් සිර කර තබා ප්‍රශ්ණ කරනවා. ඔහු ගේ පර්යේශණ සටහන්, පොත් ගිනි තියනවා. ඔහුව තවත් වසර ගනනක් සිර කර තබා නැවත එංගලන්තයට එවනවා. ඉන් පසු ඔහු රහසිගත ව තවත් කෙනෙක් සමඟ ගුප්ත ශාස්ත්‍ර පර්යේශණ කරනවා.

ඔවුන්ගේ පර්යේශණ වල ප්‍රතිඵලයක් විදියට තමයි එනෝකියන් ගුප්ත ශාස්ත්‍ර සම්ප්‍රදාය බිහි වන්නේ.
Facebook Twitter Google

Discuss on Facebook